පැතිකඩ (කාර්ය සහ කර්තව්‍ය )
විදේශ රැකියා නියුක්තිය සහ ii වන තීරුවේ ලැයිස්තුගත කර ඇති දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනවල විෂය පථය යටතේ ඇති සියලු විෂයයන්ට අදාලව සහ රජය විසින් සකස් කිරීමට ඉඩ ඇති වෙනත් කවර හෝ සමස්ත ජාතික ප්‍රතිපත්තිවලට අදාලව ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය
අමාත්‍යාංශය විෂය පථය යටතේ ඇති පොදු සේවා කාර්යක්ෂම සහ මහජන මිත්‍රශීලී ආකාරයකින් සැපයීම
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සහ විගමණික සේවකයන්ගේ සුබසාධනය
රැකියා නියෝජිතායතන නියාමනය සහ අධීක්ෂණය
විදේශ රැකියා නියුක්තිය පිළිබඳ මාර්ගෝපදේශනය
II වන තීරුව යටතේ ලැයිස්තුගත කර ඇති සංවිධානයන්හි විෂයපථය යටතේ ඇති අනෙකුත් සියලුම විෂයයන්
අපගේ දැක්ම
විගමණික සේවක අයිතීන් සුරක්ෂිත කරමින් සහ ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව සහතික කරමින් වාසිදායක විදේශ රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ ප්‍රමුඛතම ප්‍රතිපත්ති සම්පාදකයා සහ ක්‍රියාවට නංවන්නා බවට පත් වීම.
අපගේ මෙහෙවර
සමස්ත ශ්‍රම විගමණික අංශය ඉල්ලුම මත මෙහෙයවනු ලබන ක්‍රියාදාමයක් පත් කිරීම සහ ජාතික ආර්ථිකය සඳහා එහි දායකත්වයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර වෙළඳපොල අභියෝග ජය ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධනාත්මක සහ සුබසාධන ක්‍රියාකාරකම් සමගින් අවශ්‍ය කරනු ලබන ව්‍යුහාත්මක වෙනස්කම් හඳුන්වාදීම මගින් එය ඉතා තරඟකාරී කිරීම.
අපේ අරමුණු සහ පරමාර්ථ
ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම
තොරතුරු පද්ධති ස්ථාපිත කිරීම
ධාරිතා සංවර්ධනය සහ ප්‍රමිති වැඩි දියුණු කිරීම
විගමණික සේවකයන්ගේ සුබසාධනය සපුරාලීම
විදේශ රැකියා කර්මාන්තය විධිමත් කිරීම ප්‍රවර්ධනය