සීඝ්‍ර ආර්ථික සංවර්ධනය සම්බන්ධ ප්රවණතා සහ ස්වාභාවික සම්පත් පදනම් යොදවා ගැනීම සම්බන්ධව සමබරතාවක් පවත්වාගෙන යමින් රටෙහි පරිසරය සහ සවාභාවික සම්පත් කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවෙහි මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කැපවී සිටී.
මෙම අරමුණු සපුරා ගැනීමේදී වැඩි වෙමින් පවතින මානව ජනගහනයෙහි සමාජ හා ආර්ථික හැසිරීම ප්‍රධාන තර්ජනයක් එල්ල කොට තිබේ. රටෙහි පරිසරය සහ ස්වාභාවික සම්පත් කළමනාකරණය පිණිස ප්‍රධාන ප්රතිපත්තීන් අමාත්‍යාංශය විසින් සකස් කොට තිබේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු ලබන්නේ රජය විසින්, නියෝජිතායතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජාවෙහි සහභාගිත්වයෙනි.