අපගේ දැක්ම
පෙරභාග සහ පසුභාග ඛනිජ තෙල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ජාතික ආරථිකයේ පෙර ගමන්කරුවා බවට පත් කිරීම
අපගේ මෙහෙවර
රටේ බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා ඛනිජ තෙල් කර්මාන්තයේ පෙරභාග සහ පසුභාග ක්‍රියාකාරකම් තිරසාරාත්මක ව, කාර්යක්ෂම ව හා ඵලදායී ව කළමනාකරණය කිරීම සහ ඛනිජ තෙල් සම්පත් ප්රශස්ත අයුරින් උපයෝජනය කිරීම
අපගේ පරමාර්ථ
වසර 2030 දී ශ්‍රී ලංකාව බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම
2030 වන විට සමස්ත දේශීය ඉන්ධන සහ ස්වාභාවික වායූන් ප්රශස්ත මට්ටමින් ජනනය කිරීම. 2030 වන විට රටේ ඛනිජ තෙල් නිෂ්පාදනය සඳහා වන ඉල්ලුම දේශීය නිෂ්පාදනය මගින් සපුරාලීම
2020 වන විට ඩීසල් සහ පෙට්‍රල් සඳහා පිළිවෙලින් යුරෝ III සහ යුරෝ IV ප්රමිතීන් හඳුන්වා දීම තුළින් ඒවායේ ගුණාත්මක තත්ත්වය උසස් කිරීම
ආරක්ෂිතව හා වඩාත් කාර්යක්ෂම ලෙස ඉන්ධන ගබඩා කිරීම හා බෙදා හැරීම
අබලි ප්ලාස්ටික් ද්‍රව්‍ය ඛනිජතෙල් ඉන්ධන බවට පරිවර්තනය කිරීමෙන් පරිසරයට මුදා හැරීම අවම කිරීම
ඉන්ධන සැපයුමෙහි ගුණාත්මක තත්ත්වය හා විශ්වසනීයත්වය දියුණු කිරීම
ඛනිජ තෙල් සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීම