Print this page
ඉරිදා, 19 පෙබරවාරි 2023 08:43

ශ‍්‍රීපාද වන්දනාවට අති විශාල පිරිසක්… Featured

Rate this item
(0 votes)

පාසල් නිවාඩු අවසන් වන මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා දුම්රියේ ශ්‍රිපාද වන්දනාකරුවන් විශාල පිරිසක් හැටන් දුම්රිය ස්ථානයට පැමිනිමත් සමග එම වන්දනාකරුවන්ගේ ගමන් පහසුව සදහා හැටන් ලංගම ඩිපෝව මගින් වීශේෂ බස් රථ සේවාවක් යෙදවිමට පියවර ගෙන ඇත.

පාසල් නිවාඩුව මෙම සති අන්තයෙන් නිමාවන බැවින් එම නිවාඩුවට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙසේ විශාල වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් පැමිනිමත් සමග එම වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ප්‍රවාහණය කිරිම සදහා අතිරේක බස් රථ කිපයක් යෙදවිමට සිදුවු බව හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ අධිකාරි ජේ. කේ. කිර්තිරත්න මහතා පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

Read 667 times
Editor

Latest from Editor

Related items