අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2024 12:51

ලාෆ් ගෑස් සම්බන්ධයෙන් දැනුම් දීමක් Featured

වෙළඳපොලේ ඇතැම් ප්‍රදේශවල පවතින ලාෆ් ගෑස් හිඟය ඉදිරි දින දෙක තුළ දී විසඳෙනු ඇති බව එම සමාගම ප්‍රකාශ කරයි.

මැදපෙරදිග රටවල පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වීම සහ ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යටවීම මෙම තත්ත්වයට හේතුවූ බව ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් ඊයේ (28) දිනයේ ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ.

ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ ගෑස් තොග දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේය.

DN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website