අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2024 12:56

ගාසා තීරයේ දෙදින සටන් විරා­ම­ය­කට Featured

ඊජිප්තු ජන­ප­ති­ගෙන් යෝජ­නා­වක්

ඊශ්‍රා­යල ප්‍රාණ ඇප­ක­රු­වන් සිව්දෙ­නකු සහ පල­ස්තීන සිර­ක­රු­වන් කිහි­ප­දෙ­නකු නිද­හස් කර­ගැ­නීම සඳහා ගාසා තීර­යට දින දෙකක සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊජිප්තු ජනා­ධි­පති අබ්දෙල් ෆටා එල් සිසී ඊශ්‍රා­යල රජ­යට සහ හමාස් සංවි­ධා­න­යට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රා­යල – පල­ස්තීන සාම ප්‍රය­ත්න­යට මැදි­හත් ප්‍රධා­න­තම රටක් වන ඊජි­ප්තුවේ යෝජ­නා­වට අනුව එම සාම ප්‍රය­ත්නයේ තවත් මැදි­හත් රටක් වන කටාර් රාජ්‍යයේ දී නව සටන් විරාම යෝජනා සම්බන්ධ සාකච්ඡා පැවැ­ත්වී­මට නිය­මිත බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

සටන් විරා­මය අත­ර­තුර ගාසා තීරයේ අව­තැන් වූ සිවිල් ජන­තා­වට මානු­ෂීය ආධාර සැපයීම පුළුල් කළ හැකි බව ද ඊජිප්තු ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර ඇති අතර, දෙපා­ර්ශ්වය අතර ස්ථීර සටන් විරා­ම­ය­කට සාකච්ඡා පැවැ­ත්වෙන අත­ර­තු­ර­දීම එම දෙදින සටන් විරා­මය ප්‍රකා­ශ­යට පත් කළ හැකි බව ද සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

මේ යෝජ­නාව පිළි­බඳ ඊශ්‍රා­ය­ලය හෝ හමාස් සංවි­ධා­නය මෙතෙක් කිසිදු ප්‍රති­චා­ර­යක් දක්වා නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

DMN

Business News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website