සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2024 10:32

කොටස් වෙළෙඳපොළ ගොඩක් ඉහළට Featured

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (25දා) ඒකක 12,500 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ලෙස ඉහළ ගියේය.

මේ අනුව ඊයේ දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 12517.58ක් දක්වා ඒකක 44.08 කින් ඉහළ ගොස් ඇත.

මේ අතර කොටස් වෙළෙඳපොළේ එස්. ඇන්ඩ්. පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඊයේ (25දා) දිනයේ ඒකක 3759.30 දක්වා ඒකක 39 කින් ද ඉහළ ගොස් තිබේ.

ගනුදෙනු පිරිවැටුම ඊයේ දිනයේ රු. බිලියන 4.75ක් ලෙස සටහන් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website