ඉරිදා, 20 ඔක්තෝබර් 2024 09:43

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හා අගමැති අතර හමුවක් Featured

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ Takafumi Kadono ඇතුළු නියෝජිත පිරිසක් (18) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡාවක නිරත විය.

මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පල කළාය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඉදිරියේදීත් අපේක්ෂා කරන බව අගමැතිවරිය මෙහිදී සඳහන් කළාය.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානි Cholpon Mambetova, ජ්‍යෙෂ්ට සමාජ සංවර්ධන නිළධාරි හේරත්බණ්ඩා ජයසුන්දර, ආසියානු සංවර්ධන බැංකු අංශයේ අධ්‍යක්ෂ උදේනි උඩුගහපට්ටුව සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගී වූහ.

DN

World News

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website