ඉරිදා, 20 ඔක්තෝබර් 2024 09:35

මහ හොරුන්ගේ වත්කම් - දේපළ පවරා ගන්න නව ආයතනයක් ! Featured

දේශපාලනඥයන් හෝ වෙනත් තැනැත්තන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් සහ දේපළ රාජසන්තක කොට පවරා ගැනීම

සඳහා නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

එම ආයතනය හැඳින්වෙන්නේ 'වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය' යනුවෙනි. මෙය ලොව බොහෝ දියුණු රටවල ක්‍රියාත්මක වන ආයතනයකි.

අයථා ලෙස උපයාගත් මුදල් හෝ මුදල් විශුද්ධිකරණයෙන් සපයාගත් මුදල් සහ වෙනත් වත්කම් පිටරටවල හෝ රට තුළ තිබේ නම් ඒවා හඳුනාගෙන අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීම රජයේ අරමුණයි.

විශේෂයෙන් දැනටමත් රජයට ලැබී තිබෙන නීතිවිරෝධී කළු සල්ලි හිමියන් සම්බන්ධ තොරතුරු අනුව රහසිගත පරීක්ෂණ ගණනාවක් දියත් කර ඇති බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග කියයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට මාලිමාවෙන් කළුතර දිස්ත්‍රීක්කයට තරඟ කරන නීතීඥ නිලන්ති කොට්ටහච්චි විසින් 'වත්කම් ප්‍රතිෂ්ඨාපන ආයතනය' පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් පළකර තිබිණ.

 

(deshaya.lk)

Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2024 10:14

World News

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website