බදාදා, 23 ඔක්තෝබර් 2024 10:01

රටවල් දෙක යාකරන පාලම ගහන්න ඉන්දියාවෙන් යෝජනාවක් Featured

නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත්වීමෙන් පසුව ඉන්දීය රජය මුල්ම ද්විපාර්ශ්වීය සංවර්ධන යෝජනා ක්‍රමයක් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක වියදමකින් රටවල් දෙක යා කරමින් ගොඩබිම් පාලමක් ඉදිකිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේ මේ ව්‍යාපෘතිය නව ව්‍යාපෘතියක් නොව 2002 වසරේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට කළ යෝජනවක් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම හා ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් අතර ඉදිකිරීමට යෝජිත ගොඩබිම් පාලම රථවාහන ගමනාගමනයට මෙන්ම දුම්රිය ධාවනයට ද උචිත වන පරිදි නිර්මාණය කොට ඇති බව ද සමස්ත ඉන්දීය ගුවන් විදුලිය වාර්තා කළේය.

මේ මගින් දෙරට අතර වාණිජමය කටයුතු සාර්ථක වන බවත් ඉතා අඩු වියදමකින් දෙරට අතර ගමනාගමන පහසුකම් සලසා ගත හැකි බවත් ඉන්දීය රජය කියා තිබේ. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ම මේ වන විට ආරම්භ වී ඇති අතර මෙම නව ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා දැනුවත් කොට ඇති බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

දිනසේන රතුගමගේ

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website