ඉරිදා, 27 ඔක්තෝබර් 2024 09:53

විශේෂඥ වෛද්‍යවරුන් 972ක හිඟයක් – ඒත් ඇතැම් තැන්වල අතිරික්තයක් Featured

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972කගේ පමණ හිඟයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශය විසින් විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව 2023 ජුනි මස 30 වැනිදා වන විට රෝහල් ආයතන 50ක විශේෂඥ වෛද්‍යවරුන් 226කගේ හිඟයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එහෙත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන 23ක විශේෂඥ වෛද්‍යවරුන් 123ක අතිරික්තයක් පැවතුණි.

එමෙන්ම විශේෂඥ වෛද්‍යවරු 972 දෙනකුගේ හිඟයක් පැවතිය ද විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක් සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමත තනතුරු සංඛ්‍යාවට වඩා විශේෂඥ වෛද්‍යවරුන් 113ක් අතිරික්තව සේවයේ යොදවා ඇති බැව් විගණනය මගින් අනාවරණය කර ඇත. එමෙන්ම විධිමත් අනුමැතියක් හෝ ලබා නොගත් විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක විශේෂඥ වෛද්‍යවරුන් 141දෙනකු සේවයේ යොදවා ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35133 listings, 1280 categories and 92 owners in our website