සදුදා, 28 ඔක්තෝබර් 2024 15:25

සූප ශාස්ත්‍ර තරගාවලිය ඔක්: 31 සිට නොවැ: 02 දක්වා මහනුවර දී Featured

මෙරට පවත්වන ප්‍රමුඛතම සූප ශාස්ත්‍ර තරගාවලිය වන Culinary Champions තරඟය දෙවන වරටත් ඔක්: 01 දින සිට නොවැ: 02 දින දක්වා මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්වෙන බව තරගාවලිය සංවිධානය කරන Lanka Exhibition & Conference Service  පුද්ගලික සමාගම නිවේදනය කරයි.

පසුගියදා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී, මේ පිළිබඳ අදහස් දැක්වූ මෙම තරගාවලිය ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කරන ලෝ ප්‍රකට සූපවේදී  ඇලන් පාමර් (Alan Palner) මහතා කියා සිටියේ, මෙම තරගාවලිය තුළින්, මෙරට සූප ශාස්ත්‍රකරණයේ  යෙදී සිටින ප්‍රවීණයන්ට මෙන්ම පිළිබඳ හදාරන ආධුනිකයන්ටද තමන්ගේ කුසලතාවයන් ප්‍රකට කිරීමේ මහඟු අවස්ථාවක් උදාවන බවය. මෙහි දී ඉසව් දාහතකින් මෙම තරගාවලිය පැවැත් වේ.

එම ඉසව් අතර සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ආහාර,එළවළු හා අයිස් කැටයම්, කේක්, පලතුරු, පේස්ට්‍රි වර්ග, මුහුදු ආහාර, අතුරුපස වැනි ඉසව් රැසකින් මෙම තරගාවලිය පැවැත් වෙන එබැවින් ඒ සඳහා සහභාගී වන ලෙස, මෙරට සියලු සූපවේදීන්ට ආරාධනා කරන බව ඒ මහතා පැවසීය. එහි විශේෂත්වය වන්නේ මෙම ඉහුම් පිහුම් වලදී යොදා ගනු ලබන්නේ දේශීයව නිෂ්පාදනය කළ තුනපහ සහ රස කාරකවීම විශේෂත්වයක් බව ද එම සංවිධායක මණ්ඩලය පැවසීය.

මහනුවර, නුවරඑළිය සහ සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් හිමියන්ගේ සංගමය සහ යුනිලීවර් සමාගම සඳහා ප්‍රධාන අනුග්‍රහයක දායකත්වය දක්වයි.

මේ සඳහා වැඩිදුර විස්තරwww.culinarycampions.lk මගින් ලබාගත හැක.

Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2024 15:44

World News

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website