අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2024 12:58

අලුතින් මුදල් අච්චුගසා නැහැලු Featured

නව රජය මේ දක්වා කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් සිදු කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

කිසිදු විදේශ ආයතනයකින් හෝ විදේශ ණයක්ද මේ දක්වා ලබා ගෙන නොමැති බවත් පවසයි.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර කල්කුත් වන විට ඊට සමානුපාතිකව අලුත් ඒවා නිකුත් කිරීම මහ බැංකුවේ ක්‍රමවේදයක් බවත් පැවසූ අමාත්‍යවරයා අලුතින් මුදල් අච්චු ගැසීමක්ද සිදුකර නැතැයි කීවේය.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website