සදුදා, 28 ඔක්තෝබර් 2024 10:37

ඇල්පිටිය ප්‍රා. සභා සභාපති ජාජබ කණ්ඩායම් නායක නිශාන්ත පෙරේරා Featured

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ කණ්ඩායම් නායකයා ලෙස තරග කළ නිශාන්ත පෙරේරා මහතා පත්කිරීමට නියමිතව ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික රත්න ගමගේ මහතා පැවසීය.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. උප සභාපතිවරයා පත්කිරීම පිළිබඳ ජාතික ජන බලවේගය විසින් තවම තීන්දුවක් ගෙන නොමැති බව ද රත්න ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය. නිශාන්ත පෙරේරා මහතා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි. ඔහු ජාතික ජන බලවේගයේ බෙන්තර ඇල්පිටිය ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ද වේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නිශාන්ත පෙරේරා මහතා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරණු ලබයි. රත්න ගමගේ මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පළමුවැනි මැතිවරණය තමයි ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය. මෙම මැතිවරණයේ ප්‍රතිඵල අනුව රජය ගෙනයන වැඩපිළිවෙළ ජනතාව අනුමත කරලා තියෙනවා. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයේ දී ලබාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලබාගෙන තියෙනවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය මීටත් වඩා ඉහළ ඡන්ද ප්‍රතිඵලයක් ලබාගෙන විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගන්නවා. ඇල්පිටිය ඡන්දය ඉතා සාමකාමීයි. ජනතාව ඉතා සාමකාමීව ඡන්දය ප්‍රකාශ කළා. බහුතර බලයක් ජාතික ජන බලවේගය සතුවනවිට මැතිවරණය සාමකාමීයි. වෙනත් පක්ෂයක් බලයේ හිටියා නම් මැතිවරණය සාමකාමී නොවෙන්න ඉඩ තිබුණා.

දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමූහ

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website