ඉරිදා, 27 ඔක්තෝබර් 2024 09:50

ආරුගම්බේ ප්‍රහාරයකට ඩොලර් ලක්ෂ ගණන් Featured

ඉලක්කය යුදෙව් ජාතිකයන්

ප්‍රධාන සැකකරු ඉරාකයට නිතර ගිහින්
තවත් සැකකරුවෙක් හිටපු කොටියෙක්


ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ආරුගම්බේ දී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඩොලර් ලක්ෂ දෙකක් ලැබී ඇති බව බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි. දැනට අත්අඩංගුවේ සිටින පුද්ගලයින් තිදෙනාගෙන් ලද තොරතුරු අනුව මේ කරුණු හෙළිදරව් වී ඇත.

මේ කණ්ඩායමට අදාළ මුදල් ලැබී තිබේ. මේ කණ්ඩායමේ ප්‍රධානියා මුස්ලිම් ජාතිකයෙකි. ඔහුගේ පියා මාලදිවයින් පුරවැසියෙකි. මව ශ්‍රී ලාංකික කාන්තාවකි. අත්අඩංගුවේ පසුවන එක් තැනැත්තකු හිටපු කොටි සාමාජිකයෙකි.

මොවුනගේ අරමුණ වී තිබී ඇත්තේ ආරුගම්බේ පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයට පහර දීමයි.

මෙරට බුද්ධි අංශ මාස කිහිපයක් තිස්සේ කළ මෙහෙයුම් නිසා මේ උත්සාහය වළක්වා ගතහැකි විය.

මේ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන මුස්ලිම් ජාතිකයා නිතර ඉරාකයට යන එන පුද්ගලයෙකි.

චතුර පමුණුව

නවතම පුවත්

Image

Stats

There are 35131 listings, 1280 categories and 92 owners in our website