ඉරිදා, 24 දෙසැම්බර් 2023 11:49

පාලාත් ආයතන ගිනුමත් ඔන්ලයින් වේ Featured

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවලට සිදු කරනු ලබන සියලු ගනු දෙනු ලෝකයේ ඕනෑම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා ගෙවීමේ පහසුකම් ලබන 31 වනදාට පෙර ලබා දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

පළාත් පාලන ආයතන සඳහා කරනු ලබන සියලු ගෙවීම් අන්තර්ජාලය හරහා ගෙවීමේ පළමුව ආරම්භ කරමින් අලවතුගොඩ පිහිටි අකුරණ ප්‍රාදේශිය සභා කාර්යාලයේදී අමාත්‍යවරයා මේ බව කිය.

පළාත් පාලන ආතයන සඳහා ජනතාවගෙවිය යුතු විවිධ බදු සහ වෙනත් ගෙවීම් වර්තමානයේ පවතින ක්‍රමය නිසා බොහෝ දෙනෙකු එම ගෙවීම් නොකරන බවත් රුපියල් 100 ක් 200 ක් හෝ 500 ක් වැනි මුදලකට නඩු පැවරීමක්ද සිදු නොවන නිසා එම ගෙවීම් හිඟ ගෙවීම් ලෙස පළාත් පාලන ආයතන ලැයිස්තුවල පවතින බව ද ඔහු කීය.

වර්තමානයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළුව කාලය පිළිබඳ ගැටළුව බැවින් මෙවන් ගෙවීමක් සඳහා දිගු වේලාවක් කාර්යාලවලට පැමිණ රැඳී සිටිමට අකැමැත්තක් දක්වන බවද අමාත්‍යවරයා මෙහිදි කිය.

(මොහොමඩ් ආසික්)

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website