දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ (23) පස්වරුවේ මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මැදිරියක් මෙසේ පිළීපැනිමට ලක් ව තිබිණ .දුම්රිය සේවකයන් රාත්‍රි එම දුම්රිය පිලීගත කිරිමේ කටයුතු කලහ
මේ නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව තිබූ අතර , දුම්රිය රැසක් ප්‍රමාද වූ බවත් දුම්රිය බලධාරීන් පැවසූහ .
බදුල්ල සිට අද (24) අලුයම 5.45 ට උඩරට මැණිකේ දුම්රිය , පසුව කොළඹ කොටුව විශේෂ දුම්රිය , පොඩිමැනිකේ දුම්රිය , ඇල්ල ඔඩිසි දුම්රිය මහනුවර විශේෂ දුම්රිය , කොළඹ කොටුව විශේෂ දුම්රිය , මහනුවර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය න් සාමාන්‍ය පරදි ධාවනය වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය .
(ප්‍රසාද් රුක්මල් )