සෙනසුරාදා, 02 මාර්තු 2024 08:31

බලු­කි­ස්තාන සිසුන් අතු­රු­දන් වීමට වග නොකි­යන බව පාකි­ස්තාන භාර­කාර අග­මැති මහා­ධි­ක­ර­ණ­යට කියයි Featured

බලු­කි­ස්තා­නයේ සිසුන් අතු­රු­ද­න්වීම සම්බන්ධ වග­කීම රජය භාර නොගන්නා බව පාකි­ස්තාන භාර­කාර රජයේ අග­මැති අන්වර් උල් හක් ඉස්ලා­මා­බාද් මහා­ධි­ක­ර­ණ­යේදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බලු­කි­ස්තාන සමාජ ක්‍රියා­කා­රීන් සහ අතු­රු­ද­න්වූ­වන්ගේ පවු­ල්වල සාමා­ජි­ක­යන් විසින් යොමු කරනු ලැබූ සිසුන් අතු­රු­දන් කිරීම් සහ පැහැ­ර­ගෙන යෑම් සම්බන්ධ අභි­යා­ච­නාව විභා­ග­යට ගත් අව­ස්ථා­වේදි මහා­ධි­ක­ර­ණය හමුවේ පෙනී සිටි­මින් භාර­කාර අග­මැ­ති­ව­රයා මේ ප්‍රකා­ශය සිදු කර ඇතැයි ද වාර්තා වේ.

දරි­ද්‍ර­තා­ව­යෙන් පීඩා විඳින බලු­කි­ස්තා­නයේ නිර­න්ත­ර­යෙන්ම ගැටුම් පව­තින බවත්, සිසුන් අතු­රු­ද­න් වීම එම ප්‍රාන්තයේ අභ්‍ය­න්තර ගැට­ලු­වක් බවත් භාර­කාර අග­මැ­ති­ව­රයා මහා­ධි­ක­ර­ණ­යට ප්‍රකාශ කර තිබේ. පාකි­ස්තාන බුද්ධි අංශය සහ හමු­දාව බලු­කි­ස්තා­නයේ සිසුන් පැහැ­ර­ගෙන යෑමට සහ අතු­රු­දන් කිරී­මට සම්බන්ධ බවට එල්ල වූ චෝද­නාව ද භාර­කාර අග­මැ­ති­ව­රයා ප්‍රති­ක්ෂේප කර ඇත. එම ප්‍රාන්තයේ බෙදු­ම්වාදී කණ්ඩා­යම් රැසක් ක්‍රියා­ත්මක බවට තොර­තුරු ලැබී ඇති බැවින් සිසුන් අතු­රු­දන් කිරීම් සඳහා එම කණ්ඩා­යම් සම්බන්ධ වන්නට ඇතැයි අනු­මාන කරන බවත් පාකි­ස්තාන භාර­කාර අග­මැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

DMN

 

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website