සෙනසුරාදා, 02 මාර්තු 2024 08:33

හවුති කැර­ලි­ක­රු­වන්ට ආයුධ ජාවා­රමේ යෙදුණු පාකි­ස්තා­නු­වෝ සිව්දෙනෙක් අමෙ­රි­කානු අත්අ­ඩං­ගුවේ Featured

රතු මුහුදේ හවුති කැරැ­ලි­ක­රු­වන්ට ආයුධ ජාවා­රමේ නිරත වූ බවට පාකි­ස්තාන ජාති­ක­යන් සිව්දෙ­න­කුට අමෙ­රි­කානු අධි­ක­රණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් චෝදනා එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ආයුධ ජාවා­ර­ම්ක­රු­වන් සිව්දෙනා සමඟ තවත් 7 දෙනකු පසු­ගි­යදා අමෙ­රි­කානු නාවික හමු­දාව විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව ද වාර්තා වේ. ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ ඉරා­නයේ නිෂ්පා­දිත මිස­යිල කොටස් සහ වැඩි­දි­යුණු කරනු ලැබූ අනෙ­කුත් ආයුධ හවුති කැරැ­ලි­ක­රු­වන්ට රැගෙන යමින් සිටි­යදී බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ ආයුධ කෘෘස් මිස­යිල නාශක කොටස් බවට හඳු­නා­ගෙන ඇති අතර, ඒවා හවුති කැර­ලි­ක­රු­වන්ට රතු මුහුදේ අමෙ­රි­කානු හා බ්‍රිතාන්‍ය නෞකා­ව­ලට ප්‍රහාර එල්ල කිරී­මට භාවිත කරන මිස­යිල කොටස් බවද සඳ­හන් වේ. අත්අ­ඩං­ගු­වට ගත් පාකි­ස්තාන ජාති­ක­යන්ගේ යාත්‍රාවේ කපි­තා­න්ව­රයා බව කියන පුද්ග­ලයා එම මිස­යිල කොටස් ඉරා­නයේ චබ­හාර් වරා­යෙන් ලබා ගත් බවත්, ඒවා සෝමා­ලි­යා­වට රැගෙන යන බවත් ඔහු ප්‍රකාශ කර ඇති අතර, සෝමා­ලි­යාවේ සිට යේම­නයේ හවුති කැරැ­ලි­ක­රු­වන්ට ප්‍රවා­හ­නය කිරී­මට නිය­මි­තව තිබූ බවත් සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

DMN

 

Business News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website