Print this page
සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 08:17

T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් සටන අරඹමින් සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්.. Featured

Rate this item
(0 votes)

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් සහභාගී පළමු තරගයේදීම තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

දකුණු අප්‍රිකාවේ, කේප් ටවුන්හීදී පැවැති තරගයේ කාසි⁣යේ වාසිය හිමි කරගත් දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

එම ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 28කදී බිඳ වැටුණි.

ඉන් අනතුරුව පිටියට එක් වූ නායිකා චමරි අතපත්තු සහ නවක ක්‍රීඩිකා විශ්මි ගුණරත්න දෙවන කඩුල්ලට ගොඩනැගු සබඳතාව ලකුණු 86කි.

නායිකා චමරි අතපත්තු ලකුණු 68ක් රැස් කළ අතර, එම ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් ය.

විශ්මි ගුණරත්න දැවී ගියේ ලකුණු 35ක් ලබා සිටියදී ය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 129ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ගේ පළමු කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 72කදී ය.

නායිකා සුනේ ලීස් ලකුණූ 28ක් රැස් කළේ ය.

ඉනෝකා රණවීර කඩුලු 3කි.

දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 126කි.

ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී පළමු තරගයේදී ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

Read 644 times
sevani Alwis

Latest from sevani Alwis