සිකුරාදා, 17 පෙබරවාරි 2023 08:13

INDUSTRY 4.0 සහ 5.0 සංකල්පය යටතේ වසර අවසානයේ ශ්‍රී ලංකාවේදී…. Featured

තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සෙසු රාජ්‍ය යාන්ත්‍රණයේ සහයෝගීතාවයෙන් රටේ පවතින ආර්ථික අර්බුදය සඳහා තාක්ෂණය පාදක කරගනිමින් කෙටි ,මධ්‍යම හා දීර්ඝකාලීන ලෙස ඊට විසඳුම් ළඟා කර ගැනීමේ අභිලාෂයෙන් යුතුව සිව්වන සහ පස්වන තාක්ෂණික විප්ලවය හෙවත් INDUSTRY 4.0 සහ 5.0 සංකල්පයක්

යටතේ ශ්‍රී ලංකාවේදී පළමු වරට 2023 වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය වෙනුවෙන් සාකච්ඡාවක් කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ , තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වර්ධනය සහ ඩිජිටල්කරණය සමඟ ලෝකය අවතීර්ණ වී තිබෙන, සිව්වන හා පස්වන කාර්මික විප්ලවය හෙවත් INDUSTRY 4.0 සහ 5.0 තත්වයට මෙරට කර්මාන්තවල දැනට පවතින තාක්ෂණික මට්ටමේ සිට ළඟා කරවමින් , ඒ හරහා ඩිජිටල් ආර්ථිකයක් දක්වා රට මෙහෙය වීමට අවශ්‍ය තාක්ෂණික භාවිතය ඵලදායි හා කාර්යක්ෂමව යොදා ගැනීමට අවශ්‍ය මංපෙත් විවර කිරීම මෙම ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණය පැවැත්වීමේ මුඛ්‍ය අරමුණ වෙයි.
එමෙන්ම මෙරට කර්මාන්තකරුවන් ගෝලීය අධිතාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීම, ලාංකීය නිපැයුම් කරුවන්ට ජාත්‍යන්තර වෙළඳ පොල විවර කරදීම , අධි තාක්ෂණික නිෂ්පාදන කර්මාන්ත මෙරට තුළ ආරම්භ කිරීම, විදෙස් සෘජු ආයෝජන අවස්ථා ලබාගැනීම, ඒ හරහා ශ්‍රී ලංකාව ලෝකයේ නිෂ්පාදන අපනයන කේන්ද්‍රස්ථානයක් හා සේවා මධ්‍යස්ථානයක්, බවට පත්කිරීම, දේශිය කර්මාන්ත සඳහා උසස්ම ජාත්‍යන්තර භාවිතයන් හඳුන්වා දීම සහ ගෝලීය කර්මාන්ත සමඟ ජාල ගත කිරීම ආදි කරුණු රැසක්ම මේ හරහා සාක්ෂාත් කරගැනීමට අපේක්ෂිත වෙයි. එමෙන්ම මේ හරහා අධි තාක්ෂණික නැඹුරුව සහිත සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනයක් ඇති කිරීමටද අපේක්ෂිත වෙයි.

INDUSTRY 4.0 සහ 5.0 සංකල්පය යටතේ පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් ආයෝජකයන් සඳහා අවශ්‍ය සේවාවන් එකම පරිශ්‍රයකදී කිසිදු බාධාවකින් තොරව , කඩිනමින් සිදුකර දීමට අවශ්‍ය කටයුතු සලසන අතර ඒ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු ආයතන වල සහාය ලබා ගැනීමටද පියවර ගෙන තිබෙයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම්, එම අංශයේ විද්‍යාඥයන්, ප්‍රවීණයන්, ලොව ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා සහ සමාගම් නියෝජිතයින් මෙම ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ අවස්ථාව සඳහා එක්වීමට නියමිත වෙයි.

විශ්ව විද්‍යාල හා තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතන, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමාගම් සහ ඒ ආශ්‍රිත අධ්‍යාපන ආයතන, මහා පරිමාණ සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්, නව නිපැයුම් කරුවන්, මෙම ප්‍රදර්ශනයේ ඉලක්ක කණ්ඩායම් වන අතර රාජ්‍ය යාන්ත්‍රණයේ සියළු සහයෝගීතාවය මේ සදහා එක්කර ගැනීමට නියමිත වෙයි.

මෙම සාකච්ඡාමය අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර , කර්මාන්ත අමාත්‍යංශයේ ආයතනන්හි සභාපතිවරුන් හා නිළධාරින් , විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරින් ඇතුළු රැසක් එක්ව සිටියහ.

– Media unit

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website