Print this page
සෙනසුරාදා, 11 පෙබරවාරි 2023 14:51

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ''සතුන් සමග සෙනෙහසේ සතිය'' අද ඇරඹෙයි.. Featured

Rate this item
(0 votes)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ''සතුන් සමග සෙනෙහසේ සතිය'' අද (11)ආරම්භ වෙයි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සතුන් සඳහා ආදරය කරුණාව ලබා දීමේ අරමුණින් මෙම සතිය ක්‍රියාත්මක බවයි.

මෙම සතිය තුළදී සතුන්ට ආහාර ලබාදීමට ද නරඹන්නන්ට අවස්ථාව හිමිවෙයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සතුන් සමග ඡායාරූප ගැනීමට විශේෂ ස්ථාන ද සකසා ඇති බවයි.

මෙම සතිය තුළ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනිකුත් අනුබද්ධ ආයතන නැරඹීම සඳහා වසරකට කිහිපවතාවක් පැමිණෙන නරඹන්නන් හට විශේෂ සාමාජික කාඩ්පතක් ලබාදීමට සැලසුම් කර තිබේ.

Read 591 times
sevani Alwis

Latest from sevani Alwis