Print this page
ඉරිදා, 12 පෙබරවාරි 2023 11:50

ශ‍්‍රීපාදයේදී කාන්තාවක් දරුවෙකු බිහි කරයි.. Featured

Rate this item
(0 votes)

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඇයගේ බිලිදිය ශ්‍රි පාද හැටන් මාර්ගයේ ඉදිකටු පහන ප්‍රදේශයේදි (11) දින රාත්‍රියේ බිහි කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.පි.එස්.විරසේකර මහතා පැවසිය.

 ගත වු දෙදින තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රි පාද වන්දනාවේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත් , එම පිරිස අතර රත්නපුර මාරපන ප්‍රදේශයේ සිට පැමිණි එක්දරු මවක් ශ්‍රි පාද උඩ මළුව දක්වා කරුණා කිරිමට ඉටිකටු පහන ප්‍රදේශයේ දිගු වේලාවක් නතර වි සිටියදි (11) දින රාත්‍රි 7.30 ට පමණ ශ්‍රි පාද මාර්ගයේදිම දරු ප්‍රසුතිය සිදු කර ඇති බවත්, එම අවස්තාවේ ඇයගේ දරු ප්‍රසුතියට ඇය සමග ශ්‍රි පාද වන්දනාවේ කාන්තාවන් පැමිණි පිරිසක් සහ වෙනත් ප්‍රදේශවලින් ශ්‍රි පාද වන්දනාවේ පැමිණ සිටි තවත් කාන්තාවන් පිරිසක් සහයෝගය දක්වා ඇත.

දරු ප්‍රසුතිය සම්බන්ධයෙන් ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින් විසින් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරිමෙන් පසු වහාම ක්‍රියාත්මක වු පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ට උපදෙස් ලබා දි ඇත්තේ ශ්‍රි පාද උඩ මළුවට භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ගේ සහ ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ගේ සහය මත දරු ප්‍රසුතිය සිදු කල කාන්තාව සහ සිගිත්තිය ආධාරක ඇදන් මතින් ආරක්ෂිතව නල්ලතන්නිය දක්වා රැගෙන එන ලෙසයි.

එම අතරතුර සුවසැරිය ගිලන් රථය නල්ලතන්නිය වෙත කැදවා තිබු පොලිස් ස්ථානාධිපතිවරයා මව සහ දරුවා ගිලන් රථයට නංවා දික්ඔය මුලික රෝහලට යොමු කර ඇත.

දරු ප්‍රසුතිය සිදු කල මව සහ අලුත උපන් සිගිත්තිය නිරෝගිව දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු පැවසිය.

ශ්‍රි පාද මාර්ගයේදි දරු ප්‍රසුතිය සිදු කල තම ඥාති දියණිය රෝහල් ගත කිරිමට අවශ්‍ය පියවර ගත් නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට , ඉදිකටු පහන පොලිස් මුරපොලේ නිලධාරින්ට සහ බරකරුවන්ට පවුලේ ඥාතින් සිය කෘතඥතාවය පල කලහ.

මේ අතර ගත වු දෙදින තුල හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි බවත්, එම වන්දනාකරුවන් වැඩි පිරිසකට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට නොහැකි වු බව වන්දනාකරුවන් පැවසිය.

(11) දින පස්වරුවේද හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට බස් රථ සහ පෞද්ගලික වාහන වලින් විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණිම නිසා එම වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියළු රථ ගාල් වල ගාල්කර සෙසු වාහන නල්ලතන්නියේ සිට නල්ලතන්නියේ රිකාටන් දක්වා මාර්ගයේ එක් පසක ගාල් කර ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

– රංජිත් රාජපක්ෂ

Read 616 times
sevani Alwis

Latest from sevani Alwis

Related items