ඉරිදා, 07 මැයි 2023 20:16

ඉන්දියානු ශ්‍රී ලංකා අලුත්ම ව්‍යාපෘති තුනක් – නවීන හැඳුනුම්පතක් – නැව් සේවයක් හා සූර්ය බල ව්‍යාපෘතියක් Featured

නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘති 3 කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර ඉකුත් සතියේ පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීමට අදාළව ඉන්දියානු රජය ආධාර කිරීමට කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාළ කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතියි. එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය. උතුරේ දූපත් තුනක සූර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාළව සාකච්ඡා කර ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීම අවසන් අදියරේ පසුවේ.

මෙම කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීම ගැන මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණ ඇත.

චමින්ද සිල්වා

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website