Displaying items by tag: Bombay Mitai banned in Tamil Nadu after being found to be carcinogenic

පිළිකාකාරක ඇතැයි තහවුරු වීමෙන් තමිල්නාඩුවේ බොම්බායි මිටායි තහනම්

සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන කැන්ඩි ෆ්ලොස් නමින් හඳුන්වනු ලබන ‘බොම්බායි මිටායි‘ රස කැවිලි විශේෂයේ පිළිකාකාරක අඩංගු බව තහවුරු වීමෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ එම රස කැවිලි නිපදවීම සහ අලෙවි කිරීම තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම රස කැවිලි වර්ගයේ කොටස් පසුගියදා රසායනාගාර වෙත යවනු ලැබූ බවත්, එහි රොඩමයින් බී නමැති පිළිකාකාරක අඩංගු බව තහවුරු වූ බවත් චෙන්නායි නුවර ආහාර සුරක්ෂිතා නිලධාරි පී. සතිෂ් කුමාර් ප්‍රකාශ කර තිබේ. තමිල්නාඩු ප්‍රාන්තයේ එම තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟ තවත් ප්‍රාන්ත රැසක කැන්ඩි ෆ්ලොස් රස කැවිලි කොටස් රසායානාගාර පරීක්ෂාව සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

සීනි සහ ඩයි වර්ග මිශ්‍ර කර නිෂ්පාදනය කරන කැන්ඩි ෆ්ලොස් රස කැවිලි විශේෂය ලොව පුරා කුඩා දරුවන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වී ඇති අතර, එය එම ප්‍රාන්ත ජනතාව අතර බුඩ්ඩි කා බාල් (මහළු ගැහැනියගේ හිසකෙස්) නමින් ප්‍රචලිතය. එහි අඩංගු පිළිකාකාරක සිරුරේ සියලු කොටස්වලට බලපෑම් එල්ල කිරීමේ හැකියාව පවතින බව ද අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

DMN

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website