Displaying items by tag: එක් තීරයක් – එක් මාවතක් ජගත් සමුළුව ඇරඹේ

බ්‍රහස්පතින්දා, 19 ඔක්තෝබර් 2023 08:14

එක් තීරයක් – එක් මාවතක් ජගත් සමුළුව ඇරඹේ

03 වන එක් තීරයක් – එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල්
130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද බීජිං නුවර මහජන මහා ශාලාවේ
දී ආරම්භ විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර
සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින්
පිළිගනු ලැබීය.විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින්
, කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව්
, ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ, ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස්
, ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් යන මහත්වරුන් ද සමුළුව ඇමතූහ.
එක් තීරයක් – එක් මාවතක් වැඩපිළිවෙළ ආරම්භ කර ගෙවී ගිය වසර 10 තුළ කැපී
පෙනෙන ජයග්‍රහණ රැසක් උදාකර ගැනීමට ඊට සම්බන්ධ වූ සියලු රටවලට හැකි වූ
බවත් එම රටවල් අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට නව මාවත් රැසක් විවර
වූ බවත් සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.
අනාගතයේ දී එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන සඳහා පදනම් කර ගන්නා අට
වැදෑරුම් ප්‍රතිපත්ති මාලාවක් ද මෙහිදී චීන ජනාධිපතිවරයා විසින්
ප්‍රකාශයට පත් කරනු ලැබීය.

DN

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website