වසර 45කට වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන කැන්රිච් ෆිනෑන්ස්, පසුගියදා සිය උකස් සහ රන් ණය සේවාව නුගේගොඩ ශාඛාව වෙත දීර්ඝ කළේය. කැන්රිච් ෆිනෑන්ස් දිවයින පුරා ශාඛා 36ක් හරහා පිරිනමන සේවාවන් රාශියකට නවතම එකතු කිරීම උකස් සහ රන් ණය සේවාවයි. ශිරාන් වීරසිංහ මහතා, C.E.O. කැන්රිච් ෆිනෑන්ස් විසින් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සේවාව විවෘත කරන ලද්දේ එරන්ද අමල් ගොඩගේ - සාමාන්‍යාධිකාරී, සදීපා රත්නායක - සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සමඟින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.