සෙනසුරාදා, 28 ඔක්තෝබර් 2023 09:56

වරාය නගරයේ තීරු බදු රහිත ව්‍යාපාරවල අවශ්‍යතාවන් ගැසට් කෙරේ Featured

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යාම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා ගැසට් කර තිබේ.

අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම අවශ්‍යතා ගැසට් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු වේ.

එම අයෝජකයාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ද තිබිය යුතු බව සඳහන්ය.

එමෙන්ම තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා අයෝජකයෙකු විසින් අමෙරිකානු ඩොලර් මිලියන 07ක අවම අයෝජනයක් සිදුකළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website