සදුදා, 06 නොවැම්බර් 2023 11:43

වතු කම්කරු දිනක වැටුප 500යි.. රජයේ සේවක වැටුප් වැඩි කලොත් ඔවුන්ටත් ඉල්ලයි.. Featured

රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්නේ නම් වතු කම්කරුවන්ටද වැටුප් වැඩි කල යුතු බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ (05) දින හැටන් කොටගල නගරයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක පැවති රැස්විමක් අමතමිණි.

‘අද ජනතාවට ජිවත් වෙන්න බැ , හැම භාණ්ඩයකම මිල වැඩි වෙලා තියෙනවා , බදු වැඩි කරලා නමුත් වැටුප් වැඩිකරලා නැ .

ආණ්ඩුව කියනවා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරනවා කියලා , හොද වැඩක් ඒක ඒ වගේ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න ඕනි.

ආණ්ඩුව වැඩි කලත් වතු සමාගම් ඒක කරන්නේ නැ , ජනාධිපතිතුමාට කියන්නේ වතු සමාගම් වල නිලධාරින් ගෙනල්ලා වැටුප් වැඩි කරන්න කියන්න.

මේ ජනතාවට රටට වැඩ කරන ජනතාවක් , විදේශ විනිමය ගෙනෙන ජනතාවක් , වතු කම්කරුවන් මෙරටට ඇවිල්ලා දැන් අවුරුදු 200 ක් නමුත් වැටුප් හම්බෙන්නේ රු 500-950 පමණයි.

ගිය ආණ්ඩුව වැටුප රු 1000 ක් කරා වතු සමාගම් නඩු දලා ඒක නතර කලා , මෙහෙම ගියෝත් වතු නැති වෙනවා.

රජයේ වතු වගු සමාගම් වලට ලබාදිලා තියෙනවා වගේ වතු කම්කරුවන්ටත් ලබා දෙන්න එතකොට තේ වතු හොදින් නඩත්තු කරලා තේ නිෂ්පාදනය කරයි.

වතු කම්කරුවන්ට එතකොට දළු කිලෝ 20 ක් කැඩුවොත් රු 2000 ක් හොයා ගන්න පුළුවන්.

නැත්තම් තේ වතු නැති වෙනවා ඒ නිසා වහාම ආණ්ඩුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්න ඕනි’

– රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website