අඟහරුවාදා, 21 නොවැම්බර් 2023 09:42

ජනතාව හාමතේ.. ජනපති කේක් කනවා… Featured

2019 වසරේ සිට එවක පාලකයින් ගත් වැරදි තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස රට බංකොලොත් වූ බව නීතිය හමුවේ අද ඔප්පුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පිරිස සමග වත්මන් ජනාධිපතිවරයාද කේක් කපමින් විනෝද වන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, බෙම්මුල්ල, බදුවතුගොඩ ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

රට බංකොලොත් කළ ආර්ථික ඝාතකයන් කවුරුන්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ එහි බුද්ධි මණ්ඩපයට හැකි වූ බවත්, ඒ සඳහා විශ්විද්‍යාල ආචාර්යවරුන් සහ නීතීඥයින් දැඩි වෙහෙසක් දැරූ බවත්, මීළඟට ඇත්තේ රටේ ආර්ථිකය බිඳ දමමින් ලක්ෂ 220 වූ ජනතාවගේ මූලික අයිතීන් විනාශ කළ මේ පිරිසගෙන් ඒ සඳහා වන්දි ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

තොරතුරු අපි ලඟ, හොරු අල්ලන්නට බලය දෙන්නැයි කියමින් කතා පවත්වනු වෙනුවට විපක්ෂයේම සිටිමින් හොරුන් කවුරුන්ද? ආර්ථිකය විනාශ කළ ඝාතකයින් කවුරුන්ද යන්න රටටම ඔප්පු කිරීමට සමගි ජන ⁣බලවේගය කටයුතු කළේ, ඒ සඳහා සැලසුම් සහගතව සහ නීතියේ ප්‍රතිපාදන නිවැරදිව හඳුනාගත් නිසා බවත්, නිවැරදි සැලසුමක් තුළ මේවා හෙළිකළා සේම ඒ සඳහා වූ ඉදිරි පියවරයන්ද ජනතාව වෙනුවෙන් ගැනීමට තම පක්ෂය සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියා.

 එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද ඩොලර් මිලියන ගණනක මුදල් උල්පතක් බවත්, ඒ හරහා අප රටට ලැබෙන මහා මුදල් සම්භාරය සොරා කෑමට වෙනමම ක්‍රිකට් මාෆියාවක් නිර්මාණය වී ඇති බවත්, එයද පාර්ලිමේන්තුව තුළ හෙළිදරව් කළ සමගි ජන බලවේගය මෙම දූෂිත වැඩපිළිවෙලටද තිත තැබීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website