බදාදා, 13 දෙසැම්බර් 2023 10:49

චීන සමාගමකට දුම්රිය කොන්ත්‍රාත්තුවක් Featured

දුම්රිය කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිරි කිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අදාල කොන්ත්‍රාත්තුව සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා ඇති අතර ඊට ලංසු නවයක් ඉදිරිපත් වී ඇතැයි ද ඉන් ලංසු දෙකක් ප්‍රතික්ෂේප වූ බවද රජය පවසයි.

ඉතිරි ලංසු 7 ඇගැයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ලැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

LD

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website