සෙනසුරාදා, 13 ජනවාරි 2024 15:27

ශනිල් ප්‍රනාන්දු  ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති ධූරයට යළි පත්වේ Featured

ශනිල් ප්‍රනාන්දු  ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති ධූරයට යළි පත්වේ

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ  ශ්‍රී ලංකා  ශාඛාවේ සභාපති ධුරයට තුන්වන වරටත් ශනිල් ප්‍රනාන්දු මහතා පසුගියදා තේරී  පත්විය.එහි ලේකම් ධූරයට හේමකුමාර ගුණසේකර මහතා ද තුන්වන වරටත් නැවත තේරී පත් වී ඇත.

පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා ශාඛාවේ 57 වාර්ෂික මහ සභාවේ දී තේරී පත් වූ නව නිලධාරි මණ්ඩලයේ උපසභාපතිවරු වශයෙන් කපිතාන්  නලින් ප්‍රනාන්දු,ජොනී ප්‍රනාන්දු හා එස්.ජයවර්ධන මහත්මිය ද උපලේකම් වශයෙන් බුද්ධප්‍රිය රාමනායක මහතා ද  භාණ්ඩාගාරික ලෙස බී.ඒ.එච්.එස්.ප්‍රීනා මහතාද නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස

මනිෂා රාජපක්ෂ මහත්මිය ද  ඇතුළු  විසි හතර දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ  මණ්ඩලයක් ද උපකමිටු (18) දහ අටක නියෝජිතයන් ද පත් වූ බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න මහතා පවසයි.

වසර හැත්තෑවක් (70) පැරණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ රටවල් එකසිය හැත්තෑවක (170) සමාගම් ලක්ෂ  (450) හාරසිය පනහක් සාමාජිකත්වය දරති.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website