ඉරිදා, 14 ජනවාරි 2024 10:36

වැට් සමඟ තවත් බදු වර්ග 16ක්.. Featured

විවිධ භාණ්ඩ හා සේවා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බද්දට අතිරේකව තවත් බදු වර්ග 16ක් අය කරමින් සිටින බව වාර්තා වෙයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේ වැට් බදු පැනවීම නිසා බදු ක්‍රමය සරල වීම කෙසේ වෙතත් එය තවදුරටත් සංකීර්ණ වී ඇති බවය.

සමහර ක්ෂේත්‍රවලට වැට් බද්ද කිහිපවරක් වදින අතර එයට අමතර වශයෙන් එම භාණ්ඩවලට අයකරන වෙනත් සුවිශේෂ බදුද දිගටම අයකරන බවත් සඳහන්ය.

සියයට 2 ½ අයකළ යුතු ජාතිය ගොඩනැගීමේ බද්ද පසුගිය මාසය සඳහා විදුලි පෞද්ගලික සමාගම මගින් සියයට 5ක් අයකරගෙන ඇති බවට විදුලි පාරිභෝගිකයෝ චෝදනා කරති.

පිරිවැටුම් බද්ද වරාය හා ගුවන් තොටුපොළ බද්ද, සමාජ ආරක්ෂණ බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, රේගු බද්ද, මුද්දර බද්ද, ටෙලිකොම් බද්ද ආදී බදු වර්ග රැසක් වැට් බද්ද සමග තවදුරටත් අයකරගෙන යාම නිසා ජනතාවට විශාල අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා නැගේ.

වැට් බදු පැනවීම සමඟ ඉවත් කළයුතු බදු මොනවාද යන්න පිළිබඳ මේ දිනවල සොයා බලමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවද වැට් බදු පැනවීමට තිබූ හදිස්සිය බදු ඉවත් කිරීමට නොමැති බවට ජනතාව චෝදනා කරති.

– දේශය

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website