අඟහරුවාදා, 16 ජනවාරි 2024 10:11

එළවළු මිල දැක පාරිභෝගිකයෝ ආපසු දුවති Featured

ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි.

ඒ හා සමානව අනෙකුත් උඩරට එළවළු මිලගනන්ද ඉහළ ගොස් තිබුණි.

එළවළු මිල ගනන් ඉතා ඉහළ යාමේ හේතුවෙන් අනුරාධපුර මහජන පොලට පැමිණි පාරිභෝගියන් විශාල පිරිසක් එළවළු මිලදි ගැනිමෙන් වැලකි සිටියහ.

වෙනත් දිනවල අනුරාධපුර මහජන පොලට විශාල පාරිභෝගයන් පිරිසක් පැමිණියද මේ දිනවල පොලට පැමිණෙන වෙළෙන්දන්ගේ මෙන්ම පාරිභෝගියන්ගේද විශාල අඩුවිමක්ද දක්නට ලැබුණි.

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේද කැරැට් කිලෝවක තොග මිල රැපියල් 1500.00 ක් බවත් එහි සිල්ලර මිල රැපියල් 1700.00 ක් වන බවත් මේ සම්බන්ධයෙන් අද දින සිදුකළ විමසුමේදි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවසිය.

බෝංචි කිලෝවක තොග මිල රැපියල් 1,000.00 සිල්ලර මිල 1,400.00 ,අමුමිරිස් කිලෝවක තොග මිල රැපියල් 1,000.00 ක්ද එහි සිල්ලර මිල කිලෝව රැපියල් 1,300.00 ක් වශයෙන් ඉහළ ගොස් ඇති බවද සෙනෙවිරත්න මහතා පැවසිය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා මෙසේද පැවසිය.

“ වෙනත් දිනවල උඩරට එළවළු කිලෝ ලක්ෂයක් එක හමරක් ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙනවා.ඒ වුනාට අද(15) ලැබුනේ එළවළු කිලෝ හත්දහසක් වැනි ප්‍රමාණයක”.මාස තුන හතරක් තිස්සේ නොකඩවා ඇද හැලෙන වරැෂාව නිසා එළවළු වගාවන් විනාශවිම මෙම තත්වයට හේතුවි ඇතැයිද සෙනෙවිරත්න මහතා පැවසිය.

(දයාරත්න ඇඹෝගම)

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website