බදාදා, 17 ජනවාරි 2024 16:02

පොලොන්නරුවේ වී අක්කර 5000ක් විනාශයිලු Featured

පීදෙන්නට ආසන්න තත්වයේ පැවැති වී වගාව මහවැසි සහ ගංවතුර හේතුවෙන් මුලුමනින්ම විනාශවූ බව පීඩාවට පත් පොලොන්නරුවේ ගොවීහු පවසති.

මාස දෙකක්, දෙක හමාරක් ඉක්මවූ වී අක්කර 5000කට වැඩි ප්‍රමාණයක් මුලුමනින්ම විනාශවී ගොස් ඇති බවයි.පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පැවසීය.

රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය සඳහා මුදල් පවා මෙතෙක් නොලැබීම නිසා තමන්ට ගොවිතැන් කිරීමට සිදුවූයේ ණයතුරුස්වී බවද ඔව්හු පැවැසූහ.

මෙවර මාස් කන්නයේ වී වගාවට අධික වර්ෂාව සහ ගංවතුර නිසා සිදුවූ හානි වෙනුවෙන් ගොවීන්ට වන්දි මුදලක් ලබාදීමට රජය නොපමාව පියවර ගතයුතු බව ද පොලොන්නරුව ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානය කියයි.

DN

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website