සිකුරාදා, 09 පෙබරවාරි 2024 10:03

සූර්ය බල ශක්ති උද්‍යානයට ගිවිසුම් ගත වේ Featured

ඇමරිකානු ඩොලර් කෝටි 15 ක දැවැන්ත ආයෝජනයකින් ඉදිවන මෙගාවොට් 100 ක ධාරිතාවයකින් යුත් ශ්‍රී ලංකාවේ පළමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා අද අත්සන් කළේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 220 ක් පුරා පැතුරුණු භූමි භාගයක මෙම සූර්ය බල ශක්ති උද්‍යානය ඉදිකරන අතර එය නවීනතම විදුලි ගබඩා කිරීමේ බැටරි පද්ධතියකින්ද සමන්විතය

මෙම සූර්ය බල ශක්තිය උද්‍යානයට අමතරව ජනනය කෙරෙන විදුලිය ජනක පද්ධතිය වෙත සම්බන්ධ කිරීම සඳහා කිලෝමීටර 27ක දිගින් යුත් 132 kv නව රැහැන් පද්ධතියක්ද මොනරාගල ප්‍රදේශයේ 132 kv නව ග්‍රීඩ් උපපොළක් ද ඉදි කෙරේ

මෙම මහා පරිමාණ ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශ්වකරු වශයෙන් ලක් දනවි සමාගම කටයුතු කරන අතර වින්ඩ් ෆෝස් පොදු සමාගම සහ සිංගප්පූරුවේ The Blue Circle සමාගම අනෙක් පාර්ශ්වකරුවෝ වේ.

ලක්දනවි සමාගම නව ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශව කරුවා වන අතර විදුලි බලාගාර ඉදි කිරීම් සහ කළමනාකරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මාන ලැබූ සමාගමකි.

ලංකා විදුලිබල මණ්ඩලය සහ බලාගාරයේ හිමිකාරීත්වය දරන ලක්දනවි සමාගමට අනුබද්ධ රිවි දනවි සමාගම වසර විස්සක කාලයකට විදුලිය මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට නියමිතය.

නව ව්‍යාපෘතියෙන් ජනනය කරන විදුලිය 2025 වසරේදී ජාතික විදුලිය පද්ධතියට එක් කිරීමට නියමිතය.

(රංජන් කස්තුරි)

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website