බ්‍රහස්පතින්දා, 22 පෙබරවාරි 2024 11:41

පිටකොටුවේ දී මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන විකුණලා Featured

මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන අලෙවි කළ සැකකරුවන් සිව්දෙනෙකු පිටකොටුව දෙවන හරස්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(21) දහවල් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

 

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව මිනිස් සිරුරට ප්‍රබල හානි ඇති කරන රසායනික සංයෝග අඩංගු, රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන ආලේපන වර්ග අලෙවි කළ වෙළෙඳසැල් 04 ක් වටලා, එවැනි විවිධ ආලේපන 1143 ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති එම වෙළෙඳසැල් හිමිකරුවන් අවුරුදු 22, 25, 45 සහ 52 යන වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව සහ වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

පිටකොටුව පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Last modified on බ්‍රහස්පතින්දා, 22 පෙබරවාරි 2024 11:42

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website