ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මේ දිනවල මෙරට සංචාරයක නිරත වන නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (23) සිදු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ වී තිබේ.
කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළේය.
ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර, රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය දුන් සහය වෙනුවෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තුතිය පළ කර සිටියේය. හවුති කැරලිකරුවන් සම්බන්ධයෙන් සවුදි අරාබියේ ස්ථාවරත්වයට සහාය පළ කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැප වී සිටින බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් යූ.එල්.එම්. ජොහාර්, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අමෙරිකා අංශයේ අධ්‍යක්ෂ චතුර පෙරේරා යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.
DMN