අඟහරුවාදා, 27 පෙබරවාරි 2024 07:03

අමෙ­රි­කා­වෙන් ඔස්ට්‍රේ­ලි­යා­වෙන් ගුවන් හමු­දා­වට නවීන යානා 2ක් Featured

ආර­ක්ෂක සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් සවි­මත් කර­මින් එක්සත් ජන­පද සහ ඔස්ට්‍රේ­ලි­යානු ගුවන් හමු­දා­වන් විසින් නවී­න­තම ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට පරි­ත්‍යාග කිරී­මට නිය­මිත බව ගුවන් හමු­දා­පති එයාර් මාර්ෂල් උදේනි රාජ­පක්ෂ මහතා ‘දින­මිණ‘ට ඊයේ (26) පැවැ­සීය.

අමෙ­රිකා එක්සත් ජන­පද ගුවන් හමු­දාව ශ්‍රී ලංකා­වට පරි­ත්‍යාග කරන Beechcraft King Air 360ER ගුවන් යානය එළ­ඹෙන ජූනි මාස­යේදී මෙර­ටට ගෙන­එන බව ද ඔස්ට්‍රේ­ලි­යානු ගුවන් හමු­දාව පරි­ත්‍යාග කරන Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානය ඒ අනුව එළ­ඹෙන මැයි මාසයේ දී මෙර­ටට ගෙන­එන බව ද සඳ­හන් කරන ඒ මහතා මෙම ගුවන් යානා අලුත්ම තත්ත්වයේ ගුවන් යානා බව ද කීවේය.

මෙම ගුවන් යානා ලබා­දීම සම්බ­න්ධ­යෙන් සාකච්ඡා කිරීම සඳහා තමා පසු­ගිය දා සිංග­ප්පූ­රුවේ සංචා­ර­යක නිරත වූ බව සඳ­හන් කළ ගුවන් හමු­දා­ප­ති­ව­රයා එහි දී සාකච්ඡා වට තුන­කට සහ­භාගි වූ බව ද C130 වර්ගයේ ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට ලබා­දෙන ලෙස එම සාකච්ඡා අත­ර­තුර අමෙ­රිකා එක්සත් ජන­ප­ද­යෙන් ඉල්ලී­මක් කළ බව ද සඳ­හන් කරයි. මේ අතර මෑතක දී ශ්‍රී ලංකා­වට පැමිණි අමෙ­රි­කානු රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් සහ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා අතර පැවැති සාකච්ඡා අත­ර­තුර ගුවන් යාන­යක් ශ්‍රී ලංකා­වට ලබා­දෙන බවට ප්‍රකා­ශ­යක් කළ බව ද ඒ මහතා සිහි­පත් කළේය.

කෙසේ වුවද මෙම ගුවන් යානා ශ්‍රී ලංකා­වට ලබා­දීම සම්බ­න්ධ­යෙන් වන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා බෙහෙ­වින්ම සාර්ථක මට්ට­මක පව­තින බව පෙන්වා­දුන් ඒ මහතා මෙම ගුවන් යානා ලැබෙන්නේ නම් එක් යාන­යක් හෝ එක්සත් ජාතීන්ගේ සාම­සා­ධක රාජ­කාරි සඳහා යෙද­විය හැකි­වන බව ද අමෙ­රි­කා­වෙන් ඉල්ලා තිබෙන C130 වර්ගයේ ගුවන් යානා දෙක ඉතාම සාධා­රණ මිල­කට ලබා­ගැ­නීම වෙනු­වෙන් සාකච්ඡා කර­ගෙන යන බව ද පෙන්වා දුන්නේය. මේ අතර ඉන්දි­යාව ද මෑත කාලයේ ගුවන් යාන­යක් ශ්‍රී ලංකා ගුවන් හමු­දා­වට ලබා­දුන් බව සිහි­පත් කළ උදේනි රාජ­පක්ෂ මහතා එය අගය කළ­යුතු බව ද පැවැ­සීය.

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website