බදාදා, 28 පෙබරවාරි 2024 08:34

පෑන් ඒෂියා බැංකුව 2023 මූල්‍ය වර්ෂය තුළ 258%ක බදු පෙර ලාභයක් Featured

* වසර තුළ ශුද්ධ පොලී ආදායම 9%කින් (රුපියල් මිලියන 10,302 දක්වා) ඉහළට

* වසර තුළ ශුද්ධ වෙළෙඳ ලාභය 823%කින් (රුපියල් මිලියන 1,027 දක්වා) ඉහළට

* වර්ෂය තුළ මෙහෙයුම් ලාභය 202%කින් (රුපියල් මිලියන 3,326 දක්වා) ඉහළට

* වර්ෂය තුළ වාර්තා වූ බදු පෙර ලාභයේ 258%ක (රුපියල් මිලියන 2,328 දක්වා ) වර්ධනයක්

* මුළු වත්කම්වල 12%ක (රුපියල් බිලියන 233 දක්වා) වර්ධනයක්.

* පාරිභෝගික තැන්පතු පදනම 8%ක (රුපියල් බිලියන 175 දක්වා) වර්ධනයක්

* 4.67%ක ශුද්ධ පොලී ආන්තිකයක්, 1.06%ක වත්කම් මත ප්‍රතිලාභ (පෙර බදු) සහ 8.62%ක කොටස් මත ප්‍රතිලාභ

* අදියර III ණය අනුපාතය 4.36% කි.

* අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා කරන ලද මූලික සහ උපරිම මුදල් ලාභාංශය කොටසකට රුපියල් 0.25කි

* ප්‍රාග්ධනීකරණය සහ ද්‍රවශීලතාව ප්‍රශස්ත මට්ටමක

* ස්තර 1 ප්‍රාග්ධන අනුපාතය 16.45%කි. (අවම නියාමන අවශ්‍යතාව – 8.50%)

* සමස්ත ප්‍රාග්ධන අනුපාතය 18.52%කි. (අවම නියාමන අවශ්‍යතාව – 12.50%)

* ද්‍රවශීලතා ආවරණ අනුපාතය (රුපියල්) 520.84%ක් වන අතර, ද්‍රවශීලතා ආවරණ අනුපාතය (සියලු මුදල්) 458.18%කි. (අවම නියාමන අවශ්‍යතාව – 100%)

* ව්‍යවස්ථාපිත ද්‍රව වත්කම් අනුපාතය 38.55%කි

මෙරට ප්‍රමුඛතම බැංකුවක් වන පෑන් ඒෂියා බැංකුව, රට තුළ පැවතී සාර්ව අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ 2003 මූල්‍ය වර්ෂය තුළ ස්ථාවර වර්ධනයක් වාර්තා කිරීමට සමත් විය. බැංකුව විසින් බදු පෙර ලාභය රු. 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසරක කාලසීමාව තුළ පෑන් ඒෂියා බැංකුව විසින් රුපියල් මිලියන 2,328ක බදු පෙර ලාභයක් වාර්තා කළ අතර, එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 258% ක වර්ධනයකි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රමානුකූලව ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර, පෙර වසර හා සසඳන විට අ‍ෙමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වර්ධනය වීම සහ IMF සහයෝගයත් සමඟ දේශීය ණය ප්‍රශස්තකරණය සුබවාදී සලකුණු වශයෙන් දැක්විය හැකි ය. 2023 වසරේ දී සිය අදියර III ණය අනුපාතයට අහිතකර ලෙස බලපෑ ණය පොතේ හැකිළීම නොතකමින් , වැඩිදියුණු කළ ණය ප්‍රතිරක්ෂණ ප්‍රමිතීන්, නව එකතු කිරීම් සහ ප්‍රතිසාධන ක්‍රියාවලිය හේතුවෙන් ප්‍රශස්ත ණය තත්ත්වයකින් වසර අවසන් කිරීමට පෑන් ඒෂියා බැංකුව සමත් විය.

පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ පැවති ඉහළ පොලී අනුපාත සහ වෙළෙඳපොළ තත්ත්වයන් හේතුවෙන් 2023 වර්ෂය සඳහා පොලී ආදායම 39% කින් ඉහළ ගියේය. වසරේ මුල් භාගය තුළ පැවති තැන්පතු සහ ණය ආශ්‍රිත පොලී අනුපාත ශීඝ්‍ර ලෙස ඉහළ යාම සහ තැන්පතුවල වර්ධනය හේතුවෙන් 2023 වසර සඳහා පොලී වියදම ද 56%කින් ලෙස ඉහළ ගිය අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, පසුගිය වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ ශුද්ධ පොලී ආදායම 9%කින් වර්ධනය විය. අ‍ෙමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය මාස 12 තුළ රුපියල් 363 සිට රුපියල් 324 දක්වා අඩු වීම සමස්ත මෙහෙයුම් ආදායමේ වර්ධනය සඳහා හේතු විය. කාර්ය මණ්ඩල සුබසාධන කටයුතු හේතුවෙන් 2023 වසර තුළ බැංකුවේ පෞද්ගලික වියදම් වර්ධනය වූ අතර, පෙර වසරට සාපේක්ෂව අනෙකුත් මෙහෙයුම් වියදම් ද 27% කින් වර්ධනය විය. එමෙන් ම පසුගිය වසරේ දී වැඩි වූ මෙහෙයුම් ලාභය සහ වැඩි වූ බදු අනුපාත යන කරුණු දෙක ම හේතුවෙන් ආදායම් බදු වියදම 135% කින් ඉහළ ගොස් ඇත.

 DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website