බදාදා, 06 මාර්තු 2024 08:21

ශ්‍රී ලංකාව දැඩි අවධානමක… ණය නොගෙවුවොත් වෙන දේ සිතා ගන්නත් බෑ.. ඕස්ට්‍රේලියාවෙන් පණිවුඩයක්.. Featured

ශ්‍රී ලංකාව තවමත් පවතින්නේ දැඩි අවධානමක බවත් ණය ගෙවීම පැහැර හැරියොත් සිදුවන දේ සිතා ගැනීමටත් නොහැකිවනු ඇති බවත් ආර්ථික විද්‍යාඥයන් තමන් සමඟ පැවසූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍ර හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කැන්බරා නුවර ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්යවරුන් පවා ශ්‍රී ලංකාවට අත් වූ ඉරණම ගැන පුදුමය පළ කළ බවත් රටක් එවැනි තත්ත්වයට පත් වූ කෙසේදැයි ඔවුන් තමාගෙන් විමසු බවත් හෙතෙම පැවසීය.

ඕස්ට්‍රේලියන් විද්වතුන් සමග මෙරට ආර්ථික අර්බුදය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් පවසන මන්ත්‍රීවරයා ඔවුන් සියලු දෙනාගේම අදහස් ඒකරාශී කර ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකාව ගැන පමණක් නොව කලාපයේ සෙසු රටවල් ගැනත් ඉහළ අවබෝධයක් ඔවුනට ඇති බවද ඔහු සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවීමෙන් අනතුරුව මෙරටට පැමිණීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රී ලාංකිකයන් ඉදිරියේ ඇත්තේ බොහෝ දුෂ්කර මාර්ගයක් බවත් මෙම සත්‍යය ජනතාව අවබෝධ කරගත යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website