සිකුරාදා, 08 මාර්තු 2024 07:21

කොටුව දුම්රියපොළේ විදත් කාලසටහන් ප්‍රදර්ශන සේවාව ඇරඹේ Featured

කොළඹ කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදත් කාලසටහන් ප්‍රදර්ශන සේවාව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

දුම්රිය ස්ථානයේ ප්‍රධාන පිවිසුම අසල දුම්රිය ස්ථානයෙන් පිටත මගීන්ට සහ දුම්රිය ස්ථානය ඇතුළත මගීන්ට දර්ශනය වන ප්‍රධාන තිර දෙකක් සහ දුම්රිය ස්ථානය තුළ පිහිටුවා ඇති තිර 7ක්‌ මඟින් දුම්රිය කාලසටහන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මේ තුළින් සිදු කෙරේ.

පුද්ගලික දැන්වීම් ප්‍රචාරණ ආයතනයක දායකත්වය ද සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, මීඩියා හට් ආයතනයේ ප්‍රධානී කමින්ද මලවිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website