බදාදා, 13 මාර්තු 2024 08:32

බී ළුණු මිල වැඩියි කියා ආපනශාලාවල ආහාර මිලත් ඉහල දමති.. Featured

දේශිය වෙලදපොලේ බි ළුණු කිලෝවක් සිල්ලර මිල රු 600-700 දක්වා විවිධ මිල ගණන් යටතේ ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් බි ළුණු මිල දි නොගෙන රතු ළුණු මිල දි ගන්නා බව වෙලෙදුන් පැවසිය.

බි ළුණු මිල ඉහල යාම නිසා පාරිභෝගිකයන් මිල දි නොගන්නා නිසා තමන් බි ළුණු තොග රැස් නොකල බවත්, බි ළුණු මිල ඉහල යාමට හේතුව තොග මිල ඉහල යාම බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

රතු ළුණු කිලෝවක මිල රු 350-400 අතර මිලකට අලෙවි කරන නිසා පාරිභෝගිකයන් බි ළුණු වෙනුවට රතු ළුණු මිල දි ගන්නා බවයි වෙලෙදුන් කියා සිටියේ.

බි ළුණු මිල ඉහල යාම හමුවේ ආපන ශාලා හිමියන්ද කියා සිටියේ තම ආපනශාලා වලට බි ළුණු විශාල ප්‍රමාණක් අවශ්‍ය බවත්, ඒ අනුව පිසු ආහාර මිල ඉහල දැමිමට සිදු වන බවයි.

– රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website