සිකුරාදා, 29 මාර්තු 2024 09:23

රුවන්වැලි සෑය දැඩි විදුලි අර්බුදයක.. විදුලි බිල කෝටියට කිට්ටුයි… Featured

විදුලි බිල්පත් ගෙවීමේ අසීරුවෙන් සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථාන සියයක එළිමහන් ආලෝකවත් කිරීම සඳහා සූර්යකෝෂ විදුලි පහන් බෙදා දීමට රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිiාලයේ කුලපති ඊතලවැටුණු වැවේ ඤාණතිලක නාහිමියෝ කටයුතු කළහ.

වර්තමානයේ බොහෝ විහාරස්ථාන අධික විදුලි ගාස්තුව ගෙවීමේ අසීරුවකට මුහුණ දෙති. එම තත්ත්වය රුවන්මැලි සෑයට ද දැඩි ලෙස බලපා තිබේ. ප්‍රදේශයේ දුෂ්කර විහාරස්ථානවලට යම් සහනයක් දීම සඳහා එළිමහනේ විශාල වපසරියකට සෑහෙන තරමේ විදුලි ලාම්පුවක් සහිත සූර්ය බල කට්ටලය බැගින් ලබාදීමට උන්වහන්සේ පියවර ගත්හ. ඒ සඳහා විශේෂ වැඩසටහනක් රුවන්මැලි සෑ මළුවේදී පසුගියදා සංවිධානය කර තිබිණි.

එහිදී අදහස් දැක්වූ රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නාහිමියෝ, රුවන්මැලි චෛත්‍ය ස්ථානය ද විදුලි බිල සම්බන්ධයෙන් දැඩි අසීරුවක සිටින බව කියා සිටියහ.

අපේ විහාරස්ථානය ලක්‍ෂ ගණනක අති විශාල විදුලි බිලක් ගෙවිය යුතුව තිබෙනවා. මේ අපේ ආවාසයේ පරිහරණය පමණක් නොවේ. රටවාසී, ලෝකවාසී කෝටි සංඛ්‍යාත සැදැහැවතුන් ද විදේශ සංචාරකයන් සඳහා ද පුද බිමේ විදුලි ආලෝකය ඇතුළු පහසුකම් වෙනුවෙන් ලබාගන්නා විදුලිය ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් රජය ගෙවනවා නම් අපේ පන්සලේ පරිභෝජන ඒකක ගණන කෙසේ හෝ ගෙවා ගන්නට පුළුවන්. රුපියල් කෝටියකට ආසන්න ඒ විදුලි බිල තිබිය දී අනෙක් වෙහෙර විහාරස්ථානත් මුහුණ දී සිටින එම අර්බුදයට විසඳුමක් ලෙස මේ වැඩසටහන සංවිධානය කළේ ඒ සියලු සිද්ධස්ථාන පවත්වාගෙන යා යුතු නිසා යැයි එම නාහිමියෝ ප්‍රකාශ කළහ.

අටමස්ථානාධිපති, නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී නාහිමියන් සංවිධානය කළ මෙම වැඩසටහනට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභෘපති ජගත් සුමතිපාල මහතා ඇතුළු පවුලේ පිරිස අනුග්‍රහය ලබාදී තිබිණි.

විහාරස්ථාන සියයක් වෙනුවෙන් පැමිණ සිටි භික්‍ෂුන් වහන්සේ උදෙසා විහාරස්ථානවලට අවශ්‍ය විවිධ මෙවලම් කට්ටල හා උපකරණ ද ගමන් වියදම් සඳහා මුදල් පිරිකර ද පිරිනැමීමට නාහිමියෝ කටයුතු කළහ.

CN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website