අඟහරුවාදා, 02 අප්‍රේල් 2024 10:26

මහව - අනුරාධපුර නව දුම්රිය මාර්ගයට සංඥා පද්ධතියක් ලබාදෙන්න ඉන්දියාව එකඟතාව Featured

මහව සිට අනුරාධපුරය දක්වා ඉඳිකෙරෙන නව දුම්රිය මාර්ගය සඳහා නව සංඥා පද්ධතියක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම.කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ, සංඥා පද්ධතිය පරිගණකගත ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන බවයි.

ඒ සඳහා වැය වන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 15කි.

ඉන්දියානු ණය ආධාර අනුව එම සංඥා පද්ධතිය මෙරටට ලැබෙනු ඇති.

පසුගිය දා ඉන්දීය නියෝජිතයින් සමග තමා ඉන්දියාවේදී ඒ පිළිබද සාකච්ඡා කළ බව දුම්රිය සමාන්‍යාධිකාරිවරයා පැවසීය.

SN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website