සදුදා, 15 අප්‍රේල් 2024 11:37

ඉරාන ප‍්‍රහාරයෙන් ඊශ‍්‍රායල-ශ‍්‍රීලංකා ගුවන් ගමන් අත්හිටුවයි.. ශ‍්‍රමිකයන් යැවීමත් නවතී.. Featured

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතිබව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

පවතින යුධමය තත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ ගුවන් සමාගම් එම පියවර ගෙන තිබේ.

ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම් අදාළ අංශ සමඟ සාකච්ඡා කර දිනය සංශෝධනය කරන ලෙස තානාපතිවරයා ඉල්ලා සිටියි.

පවතින තත්වය හේතුවෙන් ලාංකිකයන්ට බලපෑමක් වූ බවට තොරතුරු ලැබි නොමැති බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website