මෙරටට පැමිණෙන සංචාරකයන් හට වීසා නිකුත් කිරීම රටවල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂණික සම්බන්ධීකරණ ආයතනයක් මඟින් සිදු කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පැවසීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ අදහස් පළ කළේය.
සංචාරකයන් මෙරටට ආකර්ෂණය කරගැනීම හා සංචාරකයන්ට වීසා ලබාගැනීමේ පහසුව තකා ජාත්‍යන්තර ආයතනයක් හා ගිවිසුම්ගත වූ බවත්, මේ අනුව අදාළ සමාගමේ www.srilankaevisa.lk වෙබ් අඩවිය මඟින් වීසා අයදුම් කළ යුතු බවත් ලේකම්වරයා කීවේය.
මේ සමාගම රටවල් 145ක වීසා අයදුම් භාර ගැනීම හා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ නිරත ජාත්‍යන්තර ආයතනයක් බවත් එම ආයතනය සෑම රටකම මවු භාෂාවෙන් අදාළ උපදෙස් සහ ක්‍රමවේදයන් දැනුවත් කිරීම් සිදු කරන බවත් කී ලේකම්වරයා මේ සමාගමට මේ කර්තව්‍ය වසර දහයක කාලයකට ලබා දී ඇතැයිද කීවේය.
මේ ක්‍රමවේදයට අනුව වීසා අයදුම්පත් යොමු කළත් වීසා අනුමත කිරීම, ලබාදීම, ලබා දෙන කාණ්ඩය හා ගාස්තු අය කිරීමේ යන සියලු තීරණ ආගමන විගමන දෙපාර්තමේන්තුව මඟින් සිදු වන බවද හෙතෙම කීවේය.
DMN