අඟහරුවාදා, 23 අප්‍රේල් 2024 12:35

නම් දැරූ පිරමිඩ අටක්.. මහ බැංකු නිවේදනය මෙන්න.. Featured

රට තුළ පිරමිඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගත් ආයතන කිහිපයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇත.

එම ආයතන පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද නිවේදනය සඳහන් වෙයි.

අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

පිරමීඩාකාර ව්‍යාපාරවල නිරත වීම දඩුවම් ලැබිය හැකි වරදකි.

ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබුණු පැමිණිලිවලට අනුව පහත සඳහන් ආයතන/යෙදවුම් විසින් 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උද්වංසනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්නේද යන්න සොයා බැලීම සඳහා විමර්ශනයන් ඉහත බැංකු පනතට අනුකූලව සිදු කරන ලදී.

 මෙම විමර්ශන වාර්තා වලට අනුව, පහත ලැයිස්තු ගත ආයතන/ යෙදවුම් බැංකු පනතේ 83 (47) වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.

තවද, මෙසේ නම් කරන ලද පිරමීඩාකාර ආයතන වලට විරුද්ධව. බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස ගරු ගිතිපතිවරයා වෙත ඉල්ලීම් යොමු කර ඇති බව ද දක්වා සිටිමු.

මෙම ලැයිස්තුව, 24.08.2023 වන දින පුවත්පත් මඟින් පළකල ආයතන/ යෙදවුම් වල ලැයිස්තුවට අතිරේක ලැයිස්තුවකි.

1. Beecoin App/Sunbird Foundation
2. Fast Win (Pvt) Ltd
3. Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd
4. Genesis Business School/Era Miracle (Pvt) Ltd
5. Isimaga International (Pvt) Ltd
6. Ledger Block
7. Qnet/Questnet
8. Ride to Three Freedom (Pvt) Ltd

 යම් තැනැත්තෙකු 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියේ විධි විධාන කඩ කරන ආකාරයේ යෝජනා ක්‍රම කෙලින්ම හෝ අන්තකාරයකින් ආරම්භ කිරීම. අර්පණය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචලිත කිරීම, පැවැත්වීම, එවැනි යෝජනා ක්‍රම සඳහා මුදල් සැපයීම. හෝ එවැනි යෝජනා ක්‍රම කළමනා කරණය කිරීම හෝ විධාන කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.

එවැනි වරදක් සඳහා වන දඩුවම් ලෙස, වසර තුනකට නොවැඩි සිරදඬුවමක් හෝ රුපියල් මිලියනයකට නොවැඩි දඩයක් හෝ සිරදඬුවම සහ දඩ යන දෙකම හෝ ඇතුළත් විය හැකිය.

වරද සිදු කරන ලද්දේ සිතාමතාම හෝ දැන දැනම නැතහොත් එම ක්‍රියාව මගින් වෙතත් යම් තැනැත්තෙකුට අලාභයක් හෝ හානියක් සිදුවන බව දැන දැනම වන අවස්ථාවක එම පුද්ගලයා අවුරුදු තුනකට නොඅඩු සහ අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමකට සහ රුපියල් මිලියන දෙකක් හෝ එම යෝජනා ක්‍රමයේ සහභාගීකරුවන්ගෙන් ලබාගත් බවට හෙළි වුන හෝ හෙළි කරන ලද එකතු මුදලේ දෙගුණයක වටිනාකමින් යුත් ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණයක් යන දෙකෙන් වඩා වැඩි මුදලට සමාන දඩියකටද යටත් විය හැකිය.

 ඒ අනුව, නීතියෙන් දඩුවම් ලැබිය හැකි මෙවැනි ආකාරයේ ක්‍රියාකාරම් වලින් වැලකී සිටින ලෙස මහජනතාව දැනුවත් කර සිටිමු.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website