බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 12:25

දැඩි සුලගකින් අධි බල විදුලි පද්ධතියක් කඩා වැටේ.. ප්‍රදේශ රැසකට විදුලිය නෑ.. Featured

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් හරහා හමා ගිය දැඩි සුලගකින් කොත්මලේ සිට නාවලපිටිය දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධතියක් මතට ගස් කඩා වැටිමෙන් එම අධි බලැති විදුලි රැහන් පද්ධතිය කණුව සමග කඩා වැටිමෙන් ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණ හිට ඇති බව විදුලි බල මණ්ඩලය පැවසිය.

නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ඉඹුල්පිටිය ප්‍රදේශයෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියට ගස් කඩා වැටි ඇති බවත්, ඒ හේතුවෙන් නාවලපිටිය ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය ඇණ හිට ඇති බවයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.

 මේ අතර ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය , කැනියොන් , විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල සිට ඇද ඇති අධි බලැති විදුලි රැහන් පද්ධති වලට ස්ථාන කිහිපයකින් ගස් සහ අතු කඩා වැටිමෙන් හැටන් , බගවන්තලාව , මස්කෙලිය , ගිනිගත්හේන , නෝටන්බ්‍රිජ් ඇතුළු ප්‍රදේශ රැසකට (22) දින පස්වරුවේ සිට විදුලි බලය ඇණ හිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

 

– රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website