සිකුරාදා, 24 මැයි 2024 15:22

දැඩි සුළං සහ අධික වර්ෂාවෙන් නුවරඑළියට දැඩි හානි… Featured

රටපුරා බලපැවැත්වෙන අධික වැස්සත් සහිත මෝසම් සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රැසකට ගස් කඩා වැටීමෙන් හා නොයෙකුත් අන්දමින් හානි රැසක් සිදුවී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි .

නුවරඑළිය නගර සීමාව අවට මාර්ග රැසක ගස් කඩා වැටීමෙන් එම මාර්ගයන් වසා දැමීමට කටයුතු කළ අතර මාර්ගයද කඩා වැටුණු ගස් ඉවත් කිරීමේ කටයුතු නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවීම් හා ආපදා කළමනාකරණ ඒකකය විසින් සිදු කරනු ලබයි ,

 

මෙම තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නගරය හා අවට ප්‍රදේශයන්හි සංවිධානය කළ වෙසක් වැඩසටහන් රැසකට බාධා ඇතිවී ඇති බවද අට්ටාල සකසා ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබූ වෙසක් දන්සල් වෙනුවට ආදේශක ස්ථාන සෙවීමට සංවිධායකවරුන්ට සිදුවී ඇති බවද ආපදා කළමනාකරන ඒකකය අනාවරණය කරයි ,

 

නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවට දැඩි මීදුමක් අධික වැස්සක් සහ සුළං සහිත දේශගුණික තත්ත්වයක් පැවතෙන බැවින් නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය සඳහා තෝරාගත් පිටස්තර ප්‍රදේශවල රියදුරන් හා සංචාරයේ සඳහා පැමිණෙන්නන් වගේම ප්‍රදේශවාසීන්ද දැඩි විමසිලිමත්ව කටයුතු කරන ලෙස ආපදා කළමනාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

– රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website